Posts

Showing posts from December, 2019

සරංගගේ ජිවිත රහසක්

Image
ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර බොහෝ විට අපට දකින්න ලැබෙන්නේ පුංචි තිරය ඔස්සේ. නමුත් මේ දිනවල සිනමාවෙත් ඔහුගේ රංගන කුසලතාව ප්‍රේක්ෂකයින්ට දැක ගන්න පුළුවන්. ඒ මහේෂ් මුණසිංහගේ කුළුදුල් අධ්‍යක්ෂණයවන ‘රෂ්‘ සිනමා පටයෙන්. කොහොමද ‘රෂ්’ට ලැබෙන ප්‍රතිචාර? හොඳයි. ප්‍රේක්ෂකයින් අතර මෑත කාලයේ පරණ බයිස්කෝප් වර්ගයේ සිනමා පටයක අඩුවක් තිබුණු නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දවස්වල ‘රෂ්‘ සාර්ථකව තිරගත වෙනවා. උද්දිකගේ චරිතය කොහොමද ඔබ දකින්නේ? රෂ් කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණයෙක්. මම දන්න තරමින් උද්දික මේ රෝග තත්ත්ව තියෙන උදවිය සහ ඒ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු හමුවෙලා චරිතය සම්බන්ධව හොඳ අධ්‍යයනකින් යුතුව රඟපෑ චරිතයක්. ඔහුගේ වෑයම ඉතා සාර්ථකයි කියලයි මට හැඟෙන්නේ. බොහෝ විට එවැනි චරිත කරද්දි කොලිවුඩ් ඇතුළු වෙනත් සිනමාවල පවා රංගන ශිල්පින් පොඩි අධි රංගනයක යෙදෙන අවස්ථා තිබෙනවා. සමහර සිනමාවට ඒ රටේ සංස්කෘතිය අනුව එය අවුලක් නැහැ. නමුත් ලංකාවට හරි යන්නේ නැහැ. උද්දික ඒ සියල්ල හොඳින් තේරුම් අරන් සාර්ථකව මේ චරිතය ඉදිරිපත් කර තිබෙනවා. සාරංග රෂ් වුණා නම්? මගේ අර්ථකථනය ඊට ව...

සජිත් කපෝතියි - 2025 වන තුරු එජාප නායකයා රනිල්මයි..

Image
රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වන තුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්‍ෂ ව්‍යවස්තාව අනුව කිසිදු හැකියාවක් නැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා සදහන් කරයි. 2019 වසරේදී පැවති පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා ද පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සම්මත වූ බවත් ඒ අනුව 2025 වසර වන තුරුම ඔහු පක්ෂයේ නායකත්වය දරනු ඇති බවත් නානායක්කාර මහතා පැවසීය. ඒ අනුව වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට නම් ක්‍රම දෙකක් ඇති බවත් එනම් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වීම සහ නායකත්වය වෙනස් කිරීමට පක්ෂ විශේෂ සම්මේලනය කැඳවීම් බවද ඔහු කියයි. නමුත් පක්ෂය තුළ පවතින තත්ත්වය මත එම ක්‍රම දෙකම ප්‍රායෝගික නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

19 සංශෝධනය ඉවත් කිරීමට අවශ්‍යයි - එය රාජ්‍ය පාලනයට විශාල බාධාවක් - ජනාධිපති කියයි

Image
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දි මේ අදහස් පළ කළේය. ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය. “සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. “කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම...

රාජිත බන්ධනාගාර රෝහලට මාරු කිරිම නවතියි - බන්ධනාගාර නිලධාරීන් ආපසු හැරී යයි

Image
පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත. ඔහුගේ ප්‍රතිකාර සිදු කරන විශේෂඥ හෘද වෛද්‍යවරයා හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ යුතු පරික්ෂණ කිහිපයක් තිබුණ හෙයින් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරිමට අවසර දි නොමැත. එම නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමට පැමිණි බන්ධනාගාර ගිලන් රථ ආදිය නැවත ආපසු ගිය ආකාරයක් දක්නට ලැබුණි.   FACEBOOK     TWITTER     GOOGLE+     PINTEREST YOU MIGHT ALSO LIKE

ගණිත මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථමයා දෙමාපියන් දුන් දිරිය ගැන කළ සංවේදී කතාව

Image
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත මාධ්‍ය නව නිර්දේශයෙන් මෙවර දිවයිනේ පළමු ස්ථානය දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකායි. මොරටුවේ කොරවල්ල ප්‍රදේශයේ දිළිඳු පවුල් පසුබිමකින් පැමිණි ඔහු දිවයිනේ ප්‍රථමයා දක්වා ආ ගමන දුෂ්කර වූවකි. මේ දක්වා උසස් පෙළ පළමු ස්ථාන දිනූ සිසුන් මාධ්‍යයට නොකී ආකාරයේ විශේෂ ප්‍රකාශයක් මේ සිසුවා ඊයේ සිදු කළේය. දරුවෙකුගේ දියුණුව පතන ඕනෑම දෙමාපියෙකු දරුවා උසස් තැනකට යනු දැකීමට ප්‍රාර්ථනා කරන අයුරුත් ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විඳින්නට කැපකිරීමක් කරන්නට ඔවුන් සූදානම් අයුරුත් මෙම සිසුවාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් විය. වෙනත් උසස් පෙළ පළමුවැනියන් පාඩම් කරන හැටි ටීවී නොබැලූ හැටි ටියුෂන් නොගිය හැටි ආදී විවිධ කතා කියද්දී තම දෙමාපියන්ට තුති පුදමින් ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් මෙසේ කීවේය. “මම මොරටුවේ කොරවල්ලේ.අපි ලොකු පන්තියක කට්ටියක අය නෙමේ. තාත්තා විඳපු දුක මට කිව්වේ නෑ.මම නමුත් දන්නවා.තාත්ත මට කන්න දුන්නට එයාට කන්න නැති අවස්ථා තිබ්බා.මට ඕනි වූණේ මොරටුව කැම්පස් යන්න විතරයි. අම්මට වගේම තාත්තට සතුටක් සහ ගරුත්වයක් දෙන්නේ තමයි මම රෑන්ක්...